නිවැරැදි ධර්ම චක්‍රය ලෙස දකින්නට තිබෙන්නේ ඉන්දියාවේ පිහිටා තිබෙන අශෝකස්ථම්භයන් හි ඇති සිංහ ලාංඤ්චනය සමඟ තිබෙන ධර්ම චක්‍රය යි. එහි ගරාදි විසි හතරකි. චතුරාර්ය සත්‍යයේ කාරණා විසි හතර සංකේතවත් කරයි. දුක්ඛ සත්‍යයට අයත් දුක් දොළසත්, සමුදය සත්‍යයට අයත් තණ්හා තුනක්, නිරෝධ සත්‍යයට අයත් නිවනත්, මාර්ග සත්‍යයට අයත් ආර්ය අෂ්ඨාංගික මාර්ගාංග අටත් යන කරුණු විසි හතර ධර්ම චක්‍රයේ ගරාදි විසි හතරෙන් සංකේතවත් වේ.
1.ජාතිපි දුක්ඛා - ඉපදීමත් දුකයි
2.ජරාපි දුක්ඛා - ජරාවට පත්වීමත් දුකයි
3.මරණම්පි දුක්ඛං - මරණයත් දුකයි
4.සෝක - සෝක
5.පරිදේව - වැළපීම්
6.දුක්ඛ - කායික දුක්
7.දෝමනස්ස - මානසික දුක්
8.උපායාසාපි දුක්ඛා - සුසුම් හෙළීම්
9.අප්‍රිය සම්ප්‍රයෝග දුක්ඛො
10.ප්‍රිය විප්‍රයෝග දුක්ඛො
11.යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං - කැමති වන්නා වූ යමක් නොලැබේ නම් ඒකත් දුකයි
12.පංච උපාදානස්කන්ධය
13.කාම තණ්හාවය
14.භව තණ්හාවය
15.විභව තණ්හාව
16.නිරෝධ සත්‍යයට අයත් නිවන
17.සම්මා දිට්ඨිය
18.සම්මා සංකල්පය
19.සම්මා වාචා
20.සම්මා කම්මන්තය
21.සම්මා ආජීවය
22.සම්මා වායාමය
23.සම්මා සතිය
24.සම්මා සමාධිය
මේ චතුස්සත්යයේ අංග සූවිස්සය.
විසුද්ධිමග්ගයේ මේ අංග සූවිස්ස දක්වා ඇත්තේ ධර්මචක්ර සූත්‍රය සච්චවිභඞ්ග සූත්‍රය යන දෙක්හි ම එන අංග ගැනීමෙනි. ධර්මචක්ර සූත්‍රයෙහි එන ව්‍යාධිපි දුක්ඛෝ යන අංගය මේ සූවිස්සට ඇතුලත් කොට නැත. එය ඇතුලත් කර නැත්තේ ව්‍යාධිය සකල සත්ත්වයන්ට ම සාධාරණාංගයක් නොවන නිසා ය යි විසුද්ධිමග්ග ටීකාවෙහි කියා ඇත්තේ ය.
No comments