සේරිස්සක දිව්‍යපුත්‍රයා කාන්තාරයේ අතරමං වූ වෙළඳුන්ට ඉතා අපූරු අවවාදයක් දුන්නේ ය. “ඔබත් මේ දිව්‍ය විමානයට පැමිණෙන්න කැමති නම්… ‘මං තමයි ඉස්සර වෙන්නේ’ කියලා මනා කොට තෙරුවන් සරණ යන්න. ‘මං සතුන් මැරීමෙන් වළකිනවා’ කියලා ඉස්සර වෙන්න. ‘සොරකමින් වළකිනවා’ කියලා ඉස්සර වෙන්න. ‘මං බොරුවෙන් වළකිනවා’ කියලා ඉස්සර වෙන්න. ‘මං මත්පැන් පානයෙන් වළකිනවා’, ‘තමන්ගේ බිරිඳගෙන් විතරක් සතුටු වෙනවා’ කියලා ඉස්සර වෙන්න. ඒ තමයි අප්‍රමාදය.”
කූටාගාරයක කැණිමඬල ප්‍රධාන වෙයි. සුවඳ මුල් අතර කළු අගිල් අග්‍ර වෙයි. සුවඳ හර අතර රත් හඳුන් අරටුව අග්‍ර වෙයි. සුවඳ මල් අතර දෑසමන් මල අග්‍රයි. රජවරුන් අතර සක්විති රජ අග්‍රයි. එසේම, සියලු කුසල් දහම් අතර අප්‍රමාදය ම අග්‍ර වන්නේ ය.
නුවණැත්තෝ ශ්‍රේෂ්ඨ ධනයක් මෙන් අප්‍රමාදය සුරකිති.
අප්පමාදං ච මේධාවී – ධනං සෙට්ඨං’ව රක්ඛති.
No comments