යටගිය දවස බරණැස්නුවර බඹදත් නම් මහ නිරිඳෙක් රජකම් කරනු ලැබීය. එම කාලයේ එම රජතුමාගේ අන්තඃපුරයේ සිටි අගබිසවුන් වහන්සේ රජතුමාට හොර රහසින් පරදාර සේවනයේ යෙදෙන්නීය. රජතුමාට ද මේ බව ආරංචිවන්නට විය. රජතුමා මේ ආරංචිය බිසවුන් වහන්සේගෙන් ඇසීය. ඇය ඒ හැම අවස්ථාවකම කීවේ ‘‘ඉරිසියාවට එක එකා කියන කතා ඇසීමෙන් රජතුමා මිදෙන්න’’ කියාය. නමුත් කලක් යාමේ දී සිදුවූ සිද්ධි නිසා රජතුමා සිය අගබිසොවුන් වහන්සේගෙන් කාරණය නැවතත් විමසා සිටියේය. එම අවස්ථාවේ තමාගේ නිවැරැුදි බව පෙන්වීම පිණිස ඇය මෙසේ කියයි.
දේවයන් වහන්ස, මම සිල්වත් වෙමි. එම නිසා කිසිම දිනයක අනාචාරයේ හැසිරීම තියා එබඳු සිතුවිල්ලක් පවා පහළකර ගත්තේ නැත. යම් කෙනෙක් මා එසේ හැසිරුණයි කියද්ද සත්‍ය වශයෙන්ම මා එසේ අනාචාරයේ හැසිරුණා නම් මතු උපදින උපදින හැම භවයකම අශ්ව මුහුණක් ඇති යකින්නක්ව උපත ලබාවා යනුවෙන් ඈ දිවුරුවාය. ඈ එම අවස්ථාවේ රජතුමා ඉදිරියේ දිව්රනු ලැබුවේ තම හෘද සාක්ෂියට එකඟව නොවේ. තමා එම වරද කරමින්ම සමාජයට එය නොකරන බව ඇඟවීම සඳහාය. දිව්රීම වරදක් හැටියට දක්වනු නොලැබුවත් බොරුවට දිව්රීම බරපතළ අයහපත් ප‍්‍රතිඵල ලබාදෙන අකුසලයක් ලෙස බුදු සමයේ උගන්වයි. ඒ අනුව කාලයාගේ ඇවෑමෙන් මිය පරලොව ගිය අගබිසව තමා බොරුවට දිවුරලා සේම අශ්ව මුහුණක් ඇති යකින්නක්ව උපත ලැබුවාය. රාජ අගබිසවකවීමට පින් තිබුණත් එම භවයේ දී සිදුකරනු ලැබූ අකුසල් නිසා ඊළඟ භවය උත්පත්තිය ලැබුවේ යක්‍ෂණියක වෙලාය. ඒත් විරූපී මුහුණක් සහිතවය.
No comments